Thursday, April 11, 2019

ලොව ප්‍රථම 'කලු කුහරයක' චායාරූපය - First Image of a Black Hole


2019 අප්‍රේල් 10 වන දිනය විද්‍යා ඉතිහාසයේ වගේම මානව ශිෂ්ඨාචාරයේත් සුවිශේශී දිනයක්. ඒ ලොව ප්‍රථම වරට පනු කුහරයක නැත්නම් කලු කුහරයක චායාරූපයක්  ලබාගෙන පල කිරීමට විද්‍යාඥයින්‍ට හැකියාවක් ලැබුනා.

කලු කුහරයක/පනු කුහරයක සැකැස්ම




මේ චායාරූපය ලොව පුරා විසිර සිටින තාරකා විද්‍යාඥයින්ගේ සහයෝහගිතාවය මත ලබාගත් ජයග්‍රහනයක්.චායාරූපය පහතින් පල කරල තියනව.

පියවි චායාරූපය



  1. දුරදක්නයේ නම    -  The Event Horizon Telescope (EHT)
  2. කලු කුහරය පිහිටි ස්තානය    - center of Messier 87 massive galaxy in the nearby Virgo galaxy cluster
  3. පෘථිවිය  සිට ඇති දුර   - සිට ඇති දුර ආලෝක වර්ශ මිලියන 55ක් (කිලෝමීටර් මිලියන ට්‍රිලියන 500)
  4. විශාලත්වය    - පෘථිවිය මෙන් මිලියන 300 ගුනයක්
චායාරූපය රතු රවුම මැද තියන අදුරු රවුම් කලාපය තමා කළු කුහරය. හරියට කීවොත් ඒ පේන්නේ කලු කුහරය නෙවේ ඒකෙ සෙවනැල්ල. මේ ඡායාරූපයට හසුකරගත් vigro මන්දාකිණි රාශියේ තිබෙන  m87 (messier 87) මන්දාකිණියේ මැද කිලෝමීටර් බිලියන 40ක් පමන වපරිසයක් පුරා පැතිර පවතින මේ කළු කුහරයේ සෙවනැල්ල තමා අපට මෙහි මැද අදුරු පැහැයෙන් පෙන්නෙන්න තිබෙන්නෙ. හැබැයි කලු කුහරය ඔය පේන තරම් විශාල නෑ. මේ හෙවනැල්ල කළු කුහරය වගේ 2.5 ගුණයක් විශාලයි. අපිට දකින්න පුලුවන් වෙන්නේ කලුකුහරයක සෙවනැල්ල විතරයි කියලා අයින්ස්ටයින් සාපේක්ශතාවාදයෙන් ඉදිරිපත් කර තිබෙනව.

වටේ පෙනෙන රතු,රන්වන් වලල්ල කලු කුහරය වටා කක්ශ ගත වුනු පෝටෝන (photon).එහෙම තැත්නම් ආලෝකය.මේ රවුමේ උඩ කොටස යට කොටසට වඩා අඳුරුයි. මේක වෙන්නෙ කළු කුහරයේ අදික ගුරුත්වය නිසා ආලෝකය නැවීම. ඔය උඩින් පේන්නේ කළු කුහරයේ අපිට මුහුනලා නැති පැත්තේ පරාවර්තනයක්.

මේ චායාරූපය ලබාගැනීම සහ එය චායාරූපයක් විදියට නැරබීමට වැඩිදියුනු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.The Event Horizon Telescope (EHT) නැතහොත්  EHT ‍යනු ලොව පුරා විසිරිලා තියන රේඩියෝ දුරෙක්ශ සමූහයක්.හරියටම කිවුවොත් දුරේක්ශ මද්‍යස්තාන 8 ක් එකතු කරගෙන තනපු පෘථිවිය තරම් විශාල අතත්‍ය (Virtual) දුරේක්ශයක්.

රේඩියෝ දුරෙක්ශ සමූහය පිහිටීම
Array of eight ground-based radio telescope






මේ දුරේක්ශයට නම යොදාගෙන තිබෙන්නෙ කලු කුහර ඇසුරෙන්මයි.කලු කුහරයක ආලෝක සීමාව (Boundary) හදුන්වන්නෙ Event Horizon කියල. මේ දුරේක්ශ සමූහය (Array) එකට භෞතිකව සම්බන්ද නැති නිසා එකම වෙලාවක ලබාගන්න කියවීම් සමපාත කරන්න සෑම දුරේක්ශයක්ම පරමානුක ඔරලෝසු වලින් සමපාත කර තිබූ බව පැවසෙනවා.

විවිද උත්සාහයන්




EHT දුරේක්ශය එකලස් කිරීමට සහබාගී වූ දුරේක්ශ සමූහය - 

planet-scale array of eight ground-based radio telescope - 


1, Atacama Pathfinder Experiment (APEX) - Cerro Chajnantor, Chile

altitude: 5,100 m
single dish, 12-m diameter


2, Atacama Large Millimeter/submillimeter Array (ALMA) - Cerro Chajnantor, Chile

altitude: about 5,000 m
array of fifty-four 12-m diameter and twelve 7-m diameter dishes



3, IRAM 30-meter Telescope - Pico Veleta, Spain

altitude: 2,850 m
single dish, 30-m diameter



4, James Clerk Maxwell Telescope (JCMT) - Maunakea, Hawaii, USA

altitude: 4,100 m
single dish, 15-m diameter



5, Large Millimeter Telescope "Alfonso Serrano" (LMT) -Sierra Negra, Mexico

altitude: 4,600 m
single dish, 50-m diameter



6, Submillimeter Array (SMA) - Maunakea, Hawaii, USA

altitude: 4,100 m
array of eight 6-m diameter dishes



7, Submillimeter Telescope (SMT) - Mount Graham, Arizona, USA

Mount Graham, Arizona, USA
altitude: 3,100 m
single dish, 10-m diameter



8, South Pole Telescope (SPT) - South Pole Station, Antarctica

altitude: 2,800 m
single dish, 10-m diameter




ඉහත දුරේක්ශ මද්‍යස්තාන 8 ට අමතරව සහය වූ දුරේක්ශය

1 , The Greenland Telescope (GLT) - Thule Air Base, Greenland, Denmark

altitude: 77 m
single dish, 12-m diameter




2020 වසරේ පරීක්ශන වලට  EHTඑකට එකතු වන අනෙක් දුරේක්ශ. 

1, Kitt Peak 12-meter Telescope - Kitt Peak, Arizona, USA




2, NOEMA Observatory - Plateau de Bure, France




මේ එක් දුරේක්ශයකින් අතිවිශාල දත්ත ප්‍රමානයක් ගබඩා කරගනු ලබනවා,පැයකට ටෙරාබයිට් 350ක් තරම්.එවැනි දුරේක්ශ 8 කින් දින 10 ක් පුරා පරිලෝකනය කරන ලද දත්ත ප්‍රමානය අදි ක්‍රියාකාරී හීලියම් පුරවන ලද  ද්ෘඩ තැටි වල ගබඩා කොට මේ දත්ත සැකසීම සදහා Max Planck Institute for Radio Astronomy සහ MIT Haystack Observatory හි පිහිටි සුපිරි පරිගනක දෙකක් වෙත යොමු කර තිබෙනවා .ඒවා  ලෙස correlators හදුන්වනවා.

මේ චායාරුපය ලෝකයට ඉදිරිපත් කිරීමේදී තවත් සුවිශේශී කාරනයක් තිබෙනව.මේ චායාරූපය සුපිරි පරිගනකය මගින් සැකසීමට අවශ්‍ය ඇල්ගොරිතමය ලියුවේ කාන්තාවක්.ඇය නමින් Katie Bouman.ඇය 29 හැවිරිදි  අමරිකානු ජාතික පරිගනක විද්‍යාඥවරියක්. ඇය California Institute of Technology හි පරිගනක හා ගනිතය පිලිබද සහකාර කතිකාචාර්‍යවරියක්.ඇය මෙම ඇල්ගොරිතමය නිර්මානය කර ඇත්තේ මීට වසර 3 කට පෙර Massachusetts Institute of Technology (MIT) හිදි ඉගෙනුම ලබන වකවානුවේයි.

Katie Bouman පලමුවරට චායාරූපය දකින අවස්තාව



Massachusetts Institute of Technology (MIT) මගින් තැබූ ට්විටර් සටහන

(දකුනුපස චායාරූපයෙන් දැක්වෙන්නෙ සද මත ගොඩබට ඇපලෝ 11 යානයේ ප්‍රදාන පාලක පරිගනකයේ කේතය ලියූ කාන්තාව.ඇයත් MIT සිසුවියක්.)




මෙම ව්‍යාප්ෘතියට ලොව නන් දෙසින් 200 ක පමන විද්‍යාඥයින්,ප්‍රවීනයන් පිරිසක් සහබාගී වී තිබෙනවා.
තියුනු විබේදනය සහිත චායාරූපය 180MB පමන වන අතර ලබාගෙන වැඩිදියුනු කරන ලද චායාරූපය විවිද විභේදනය සහිතව නිකුත් කර තිබෙනවා.


පහත සබදි වලින් චායාරූපය බාගත කරහැකියි.

16bit PNG image - res 4000*2330

8bit JPG image - res 4000*2330

The EHT නිල වෙබ් සබැදිය -  Event horizon telescope


සියලු තොරතුරු ,චායාරූප අන්තර්ජාලයෙන් ලබා ගෙන පරිවර්තනය කරන ලදී.

source - eventhorizontelescope.org , www.bbc.com

Tuesday, June 9, 2015

Most Complicated Watches In The World

පිස්සු හැදෙන ඔරලෝසු.


Patek Philippe


Grandmaster Chime ref. 5175



ඉස්සෙල්ලම කියන්න ඕන ඔරලෝසු පිලිබද විද්‍යාවට කියන්නෙ Horology කියල.ඒකත් මේ පෝස්ට් එක නිසා තමයි ඉගෙන ගත්තෙ.මේක ලියන්න හිතුනෙ මම යූ ටියුබ් එකේ දැකපු වීඩියෝ එකක් නිසා.ඔන්න එහෙනම් වීඩියෝ එක ගියපු දුර.

 ඉස්සෙල්ල මේක හදපු සමාගම. ගැන කියල ඉන්නම්.නම Patek Philippe & Co.ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර තමයි ෆැක්ටරිය තියෙන්නෙ.1852 ආරම්භ වුන මේ සමාගම මිල අධික සුපිරි පැලැන්තියේ අත් ඔරලෝසු නිපදවන සමාගමක්.එසේ මෙසේ කොම්පැනියක් නෙවෙයි.රාජකීය පවුල් වලටත් ඔරලෝසු නිපදවන සමාගමක්.

මට මේ ඔරලෝසුව හදන වීඩියෝ එක දැක්කම වීඩියෝ එක විතරක් නොදා පොඩ්ඩක් විස්තර හොයලම දාන්න ඕන කියල හිතුන දැක්කම මේ මිනිස්සු කොයිතරම් කට්ටක් කනවද කියල ඔටෝමැටික් වොච් එකක් අතින් හදන්න.බැදගෙන යන්න අමාරු නෑනෙ.මැශින් වලින් හදන කොම්පැනි තියනව..ඒත් හෑන්ඩ්මේඩ් නෙ ගනන් වැඩි.මේ තියෙන්නෙ ඒක.


නම තමයි 
PATEK PHILIPPE Grandmaster Chime ref. 5175


මේ වොච් එකේ තියන විශේශත්වෙ තමයි කේසින් එකේ දෙපැත්තෙම ඩයල් තියනව.ඒ කියන්නෙ වොච් එක කරකවන්න පුලුවන්.ඒකම විතරක් නිසා නෙවෙයි මේ ඔරලෝසුව විශේශතා  තව තියනව.

මිකැනිකල් වොච් එකක සාමාන්‍ය වෙලාව පෙන්නන පහසුකමට අමතර තියන අනෙකුත් ඕනෑම පහසුකමක් හදුන්වන්නෙ වොච් එකේ complication එකක් කියල.ඒ කියන්නෙ සාමාන්‍ය ඩේට් එක පෙන්නන එකත් complication එකක්.මම මේ කියන්නෙ මිකැනිකල් වොච්.ඩිජිටල් නෙවෙයි. සාමාන්‍ය ඩේට් එක විතරක් තියන වොච් එකක පාට්ස් 250ක් විතර තියෙන්න පුලුවන් කියනව ඒ ඔප්ශන් එක ගන්න.ඒත් මම කියන මේ වොච් එකේ කම්ප්ලිකේශන් 20ක් තියනව.මූවින් පාට්ස් 1366ක් තියනව














මුන් මේකෙ මුමන්ට් වලට විතරක් පේටන්ට් 6ක් අරන් තියනව.හිතාගන්න පුලුවන් නේද වොච් එකේ සන්කීර්නකම.එකිනෙකට වෙනස් දැක්වීම් 20ක් තියනව වෙලාව හැර.ඒ කියන්නෙ කේසින් එක ඇතුලෙ දැක්වීම් 20ටම ඕන පාර්ට්ස් කැරකෙනව.


මේ ඔරලෝසුව හදල තියෙන්නෙ මේ සමාගමේ 175 වැනි සන්වත්සරේට.අවුරුදු 8ක් ගිහින් තියනව මේ වොච් එකේ මැශින් එක ඩිවලොප් කරන්න.මේකෙ කේසින් එක  කැරට් 18 රෝස් ගෝල්ඩ් වලින් හදල තියෙන්නෙ.හිස් කිසිම තැනක් නෑ.හැමතැනම කැටයම් වලින් අලංකාර කරල තියෙන්නෙ.කේසින් එක ඩිවලොප් කරන්න විතරක් අවුරුදු 4ක් ගිහින්.අනිවාර්යෙන් මේ වීඩියෝව බලන්න.



මම මේකෙ කම්ප්ලිකේශන් ටික දාන්නම්.මටත් ගොඩක් ඒව තේරෙන්නෙ නෑ.

  1. Grande Sonnerie
  2. Petite Sonnerie
  3. Minute repeater
  4. Strikework mode display (Silence/Grand Sonnerie/Petite Sonnerie)
  5. Alarm with time strike
  6. Date repeater
  7. Movement power-reserve indicator
  8. Strikework power-reserve indicator
  9. Strikework isolator display
  10. Second time zone
  11. Second time zone day/night indicator
  12. Instantaneous perpetual calendar
  13. Day-of-week display
  14. Month display
  15. Date display (on both dials)
  16. Leap year cycle
  17. Four-digit year display
  18. 24-hour and minute subdial
  19. Moon phase
  20. Crown position indicator


අනිත් දේ තමයි මේ ඔරලෝසුව ලිමිටඩ් එඩිශන් එකක්.ලෝකෙටම 7යි හදල තියෙන්නෙ.එයින් එකක් ඒගොල්ලොන්ගෙම 
කෞතුකාගාරයේ තැන්පත් කරල තියනවලු.අනිත් 6 තමා විකුනන්න දාල හියෙන්නෙ.මිල ගනන් ගැන සදහන් කලොත් නිකුත් කරන අවස්තාවේ (2009) ස්විස් ෆ්රෑන්ක් මිලියන 2.6 ක් තමයි මිල නියම වෙලා තියෙන්නෙ.ලන්කාවෙ මුදලින් රුපියල් කෝටි 37කට ආසන්න මුදලක්.

මේ සමාගමේ නිශ්පාදන ගැන කතා කරොත් ලෝකයේ මිල අධිකම ඔරලෝසු නිපදවන සමාගමක් කියල මම කලින් කිවුව.ලෝකයේ වෙන්දේසියක වැඩිම මිලකට අලෙවි වුන ඔරලෝසුව (2014 වසරේදී) මේ සමාගම නිශ්පාදනය කරපු එකක් පොකට් වොච් එකක්.ඒක ඇමරිකානු බැන්කුකරුවකු වූ 
Henry Graves වෙනුවෙන් 1932දී නිශ්පාදනය කරපු එකක්.මේ තියෙන්නෙ ඒක.



අලෙවි වෙලා තියෙන්නෙ ස්විස්ෆ්රෑන්ක් මිලියන 20.6 කට.කටාර් රාජකීය පවුලෙ ශෙයික් කෙනෙක් අරන් තියෙන්නෙ.

ලෝකෙ වැඩිම කම්ලිකේශන් ගානක් තියන පොකට් වොච් එක හදල තියෙන්නෙත් මේගොල්ලොමයි.ඒක හදල තියෙන්නෙ මේගොල්ලොන්ගෙ 150 වෙනි සන්වත්සරේට.1989දී.මේකෙ නම calibre 89.කම්ප්ලිකේශන් 39ක් තියනව.මේ තියෙන්නෙ ඒක.



අන්තිමටම ලෝකෙ තියන කම්ලිකේටඩ් ම අත් ඔරලෝසුව ගැනත් පොඩි සටහනක් තියන්නම්.ඒක මේගොල්ලො හදපු එකක් නෙවෙයි.ඒත් මේක ගැනත් ලියලම යන්නම්..කොම්ප්ලිකේශන් 36ක් තියනවලු.විසිබල් 25ක් තියනවලු.වැඩි විස්තර හෙවුවෙ නෑ.දැනගනීමට විතරක් දාන්නම්.



franck muller mega aeternitas 4








සියලුම තොරතුරු,චායාරූප,වීඩියෝ අන්තර්ජාලය ඇසුරෙන් සොයාගන්නා ලදී.