2019 අප්‍රේල් 10 වන දිනය විද්‍යා ඉතිහාසයේ වගේම මානව ශිෂ්ඨාචාරයේත් සුවිශේශී දිනයක්. ඒ ලොව ප්‍රථම වරට පනු කුහරයක නැත්නම් කලු කුහරයක චායාරූපයක් ලබාගෙන පල කිරීමට විද්‍යාඥයින්‍ට හැකියාවක් ලැබුනා.
කලු කුහරයක/පනු කුහරයක සැකැස්ම
මේ චායාරූපය ලොව පුරා විසිර සිටින තාරකා විද්‍යාඥයින්ගේ සහයෝහගිතාවය මත ලබාගත් ජයග්‍රහනයක්.චායාරූපය පහතින් පල කරල තියනව.
පියවි චායාරූපය
- දුරදක්නයේ නම - The Event Horizon Telescope (EHT)
- කලු කුහරය පිහිටි ස්තානය - center of Messier 87 massive galaxy in the nearby Virgo galaxy cluster
- පෘථිවිය සිට ඇති දුර - සිට ඇති දුර ආලෝක වර්ශ මිලියන 55ක් (කිලෝමීටර් මිලියන ට්‍රිලියන 500)
- විශාලත්වය - පෘථිවිය මෙන් මිලියන 300 ගුනයක්
වටේ පෙනෙන රතු,රන්වන් වලල්ල කලු කුහරය වටා කක්ශ ගත වුනු පෝටෝන (photon).එහෙම තැත්නම් ආලෝකය.මේ රවුමේ උඩ කොටස යට කොටසට වඩා අඳුරුයි. මේක වෙන්නෙ කළු කුහරයේ අදික ගුරුත්වය නිසා ආලෝකය නැවීම. ඔය උඩින් පේන්නේ කළු කුහරයේ අපිට මුහුනලා නැති පැත්තේ පරාවර්තනයක්.
මේ චායාරූපය ලබාගැනීම සහ එය චායාරූපයක් විදියට නැරබීමට වැඩිදියුනු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.The Event Horizon Telescope (EHT) නැතහොත් EHT යනු ලොව පුරා විසිරිලා තියන රේඩියෝ දුරෙක්ශ සමූහයක්.හරියටම කිවුවොත් දුරේක්ශ මද්‍යස්තාන 8 ක් එකතු කරගෙන තනපු පෘථිවිය තරම් විශාල අතත්‍ය (Virtual) දුරේක්ශයක්.
රේඩියෝ දුරෙක්ශ සමූහය පිහිටීම
Array of eight ground-based radio telescope
මේ දුරේක්ශයට නම යොදාගෙන තිබෙන්නෙ කලු කුහර ඇසුරෙන්මයි.කලු කුහරයක ආලෝක සීමාව (Boundary) හදුන්වන්නෙ Event Horizon කියල. මේ දුරේක්ශ සමූහය (Array) එකට භෞතිකව සම්බන්ද නැති නිසා එකම වෙලාවක ලබාගන්න කියවීම් සමපාත කරන්න සෑම දුරේක්ශයක්ම පරමානුක ඔරලෝසු වලින් සමපාත කර තිබූ බව පැවසෙනවා.
විවිද උත්සාහයන්
EHT දුරේක්ශය එකලස් කිරීමට සහබාගී වූ දුරේක්ශ සමූහය -
planet-scale array of eight ground-based radio telescope -
1, Atacama Pathfinder Experiment (APEX) - Cerro Chajnantor, Chile
altitude: 5,100 m
single dish, 12-m diameter
2, Atacama Large Millimeter/submillimeter Array (ALMA) - Cerro Chajnantor, Chile
altitude: about 5,000 m
array of fifty-four 12-m diameter and twelve 7-m diameter dishes
3, IRAM 30-meter Telescope - Pico Veleta, Spain
altitude: 2,850 m
single dish, 30-m diameter
4, James Clerk Maxwell Telescope (JCMT) - Maunakea, Hawaii, USA
altitude: 4,100 m
single dish, 15-m diameter
5, Large Millimeter Telescope "Alfonso Serrano" (LMT) -Sierra Negra, Mexico
altitude: 4,600 m
single dish, 50-m diameter
6, Submillimeter Array (SMA) - Maunakea, Hawaii, USA
altitude: 4,100 m
array of eight 6-m diameter dishes
7, Submillimeter Telescope (SMT) - Mount Graham, Arizona, USA
Mount Graham, Arizona, USA
altitude: 3,100 m
single dish, 10-m diameter
8, South Pole Telescope (SPT) - South Pole Station, Antarctica
altitude: 2,800 m
single dish, 10-m diameter
ඉහත දුරේක්ශ මද්‍යස්තාන 8 ට අමතරව සහය වූ දුරේක්ශය
1 , The Greenland Telescope (GLT) - Thule Air Base, Greenland, Denmark
altitude: 77 m
single dish, 12-m diameter
2020 වසරේ පරීක්ශන වලට EHTඑකට එකතු වන අනෙක් දුරේක්ශ.
1, Kitt Peak 12-meter Telescope - Kitt Peak, Arizona, USA
2, NOEMA Observatory - Plateau de Bure, France
මේ එක් දුරේක්ශයකින් අතිවිශාල දත්ත ප්‍රමානයක් ගබඩා කරගනු ලබනවා,පැයකට ටෙරාබයිට් 350ක් තරම්.එවැනි දුරේක්ශ 8 කින් දින 10 ක් පුරා පරිලෝකනය කරන ලද දත්ත ප්‍රමානය අදි ක්‍රියාකාරී හීලියම් පුරවන ලද ද්ෘඩ තැටි වල ගබඩා කොට මේ දත්ත සැකසීම සදහා Max Planck Institute for Radio Astronomy සහ MIT Haystack Observatory හි පිහිටි සුපිරි පරිගනක දෙකක් වෙත යොමු කර තිබෙනවා .ඒවා ලෙස correlators හදුන්වනවා.
මේ චායාරුපය ලෝකයට ඉදිරිපත් කිරීමේදී තවත් සුවිශේශී කාරනයක් තිබෙනව.මේ චායාරූපය සුපිරි පරිගනකය මගින් සැකසීමට අවශ්‍ය ඇල්ගොරිතමය ලියුවේ කාන්තාවක්.ඇය නමින් Katie Bouman.ඇය 29 හැවිරිදි අමරිකානු ජාතික පරිගනක විද්‍යාඥවරියක්. ඇය California Institute of Technology හි පරිගනක හා ගනිතය පිලිබද සහකාර කතිකාචාර්‍යවරියක්.ඇය මෙම ඇල්ගොරිතමය නිර්මානය කර ඇත්තේ මීට වසර 3 කට පෙර Massachusetts Institute of Technology (MIT) හිදි ඉගෙනුම ලබන වකවානුවේයි.
Katie Bouman පලමුවරට චායාරූපය දකින අවස්තාව
Massachusetts Institute of Technology (MIT) මගින් තැබූ ට්විටර් සටහන
(දකුනුපස චායාරූපයෙන් දැක්වෙන්නෙ සද මත ගොඩබට ඇපලෝ 11 යානයේ ප්‍රදාන පාලක පරිගනකයේ කේතය ලියූ කාන්තාව.ඇයත් MIT සිසුවියක්.)
මෙම ව්‍යාප්ෘතියට ලොව නන් දෙසින් 200 ක පමන විද්‍යාඥයින්,ප්‍රවීනයන් පිරිසක් සහබාගී වී තිබෙනවා.
තියුනු විබේදනය සහිත චායාරූපය 180MB පමන වන අතර ලබාගෙන වැඩිදියුනු කරන ලද චායාරූපය විවිද විභේදනය සහිතව නිකුත් කර තිබෙනවා.
පහත සබදි වලින් චායාරූපය බාගත කරහැකියි.
16bit PNG image - res 4000*2330
8bit JPG image - res 4000*2330
The EHT නිල වෙබ් සබැදිය - Event horizon telescope
සියලු තොරතුරු ,චායාරූප අන්තර්ජාලයෙන් ලබා ගෙන පරිවර්තනය කරන ලදී.
source - eventhorizontelescope.org , www.bbc.com
No comments:
Post a Comment