Tuesday, May 26, 2015

Tesla Motors - 2

ටෙස්ලා මෝටර්ස්. - 2


ටෙස්ලා සමාගම වර්තමානයේ ලෝකයේ ප්‍රමුකතම  විදුලි මෝටර් රථ නිපදවන සමාගමකි.සමාගමේ ආරම්බය සහ මුලික තොරතුරු මා විසින් ටෙස්ලා මෝටර්ස් 1 ලිපියෙන් බෙදාගන්නා ලදී.මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නෙ.
දැනට ටෙස්ලා හි ජනප්‍රියම නිශ්පාදනය වන  MODEL S රථය පිලිබදව කතා කිරීමයි.




MODEL S රථය දොර 5 ප්ලග් ඉන් ඉලෙක්ට්‍රික් සුඛෝපභෝගි සෙඩෑන් රථයකි.2009 වසරේදී මුලාකෘති ( prototype) රතයක් වශයෙන් ඉදිරිපත් කරන ලද මෙය 2012 වසරේදී වානිජමය වශයෙන් නිශ්පාදනය කරන ලදී.




රථවාහන ආරක්ශිත ශ්‍රේනිගතකිරීම් වල විශිශ්ට 5.0 (perfect) අගය මම රථය හිමිකරගෙන තිබෙනවා.එක්සත් ජනපද පරිසර ආරක්ශන ඒජන්සිය මෙම රථය සමීක්ශනය කර  විදුලි පරිභෝජන අගය හා පරිසර හිතකාමී වානිජ රථ අතර ඉහලම ස්ථානය
ලබාදී තිබෙනව.

පබ්ලික් චාජින් පොයින්ට් 


සුපර්චාජර් ස්ටේශන්


මෙම රථය 85  kWh බැටරියකින් බල ගැන්වෙන අතර කිලෝමීටර 426ක් (සැතපුම් 265) එක් ආරෝපනයකින් ධාවනය කල හැකිය.විදුලි  පරිභෝජනය ඉන්දන කාර්‍යක්ශමතාවය හා සසදා බලන කල මෙම රථය විදුලිය 38kWh/100miles = 89 miles per gallon.
එනම් 2.64 L /100km.ආසන්න වශයෙන් ලීටරයට කිලෝමීටර් 37ක් ධාවනය කල හැකිය.


2015 මාර්තුමාසය වනවිට ලොවපුරා රථ 66800ක් අලෙවි කර ඇති අතර 2013 වසරේදී වැඩිම සම්මාන ගනනක් හිමිකරගත් රථයක් ද වුනා.

වර්තමානයේ අලෙවිය සදහා මාදිලි  ප්‍රභේද 4ක් තිබෙනවා.බැටරි දාරිතාව,කාර්‍යක්ශමතාව හා  All wheel drive, Rear wheel drive ආකාරයෙන් මාදිලි බෙදා වෙන්වී තිබෙනවා.
මෙහි ප්‍රබලතම මාදිලිය වන P85D AWD මාදිලිය තත්පර 3.1කින් පැයට 100 km වේගයක් ලබාගතහැකිය.


මෙහි බැටරිය ගැන කතා කරන විට ප්‍රබලතම මාදිලියට යොදාගෙන තිබෙන්නෙ 85 kW බැටරියකි.රාත්තල් 1200ක් බර බැටරි පැක් එක රථයේ චැසි තට්ටුවට සම්බන්ද කර සවි කර ඇත.එම නිසා රථයේ  බර පහලින් පිහිටා ඇත.එම නිසා ගුරුත්ව කේන්ද්‍රය 
පහලින් පිහිටා ඇති අතර රථය පාලනය ඉතා පහසු වී ඇත.


85 kW බැටරිය වසර 8ක වගකීමක් හෝ  සීමාරහිත සැතපුම් ප්‍රමානයකට වගකියනු ලැබේ .
බැටරිය නැවත යෙදීමේ පිරිවැය 12000$ ලෙස සදහන් වේ.

අභ්‍යන්තර නිමවුම ගතහොත් මෙම කාරය සීට් 7කින් සමන්විත එකකි.පසුපස ඩිකියට යාබදව ෆෝල්ඩබල් ලෙස සකසා ඇති අමතර සීට් දෙකේ පොඩි ලමයෙකුට හැර වැඩිහිටියෙකුට යා නොහැකිය.5 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැක.ඉන්ජින් කම්පාට්මන්ට් එකේද
බඩු පැටවිය හැක.

ඩෑශ් බෝඩය හා ඩ්ඩ්‍රයිව් කැබින් එක ගත් කල ආකර්ශනීයව නිමවා ඇත.මෙම රථය ස්විච් වලින් තොර ඩෑශ් බෝඩ්යක් ලෙස නිමවා ඇත.( virtually button-less). ස්ටියරින් වීලයේ ඇති හැසිරවීම් බොත්තම් සහ දොරේ මිරර් කොන්ට්‍රෝල් 
වලට අමතරව සුවිච නැතිතරම් ය.

ධාවන තොරතුරු පෙන්වීම සදහා  LCD ඩිස්ප්ලේ එකක් මීටර් ලෙස යොදාගෙන ඇති අතර අනෙකුත් සියලුම පාලන කටයුතු සිදු කරන්නේ අගල් 17 ක් විශාලැති ස්පර්ශ සන්වේදී තිරයෙනි. නැවිගේශන් ගූගල් මැප් හා  Garmin වලිනි.









මිල ගනන් ගත්කල ඉහල කාර්‍යක්ශම P85D රථය ඩොලර් 105000ක් (රුපියල් එක්කෝටි හතලිස් ලක්ශයකට ආසන්න.) වශයෙන් මිල කර ඇත.

බදට සමව නිමවූ දොර හැඩල්.(ලගට එනකොට එලියට පැමිනේ.)



ලයිට් එක යට නිමවාඇති චාජින් පෝට් එක 



මේ යතුරලු.




ඉන්සේන් මෝඩ් එක. (Insane mode)


මෙම රථයේ විශේශ ධාවන සැකසුමක් තියනව.සාමාන්‍ය මෝටර් රථයක නෝමල් සහ ස්පෝට් වශයෙන් තිබුනත් මෙම රථයේ තියෙන්නෙ ස්පෝට් සහ ඉන්සේන් මෝඩ් කියල.


මේ මෝඩ් එකේදි තත්පර 3.1කින් පැයට කිලෝමීටර් 100 (60 සැතපුම්) ක වේගයක් ලබාගන්න පුලුවන්.හරියට මිල අධික ස්පෝට්ස් මෝටර් රථයක් වගේ.




ඔටෝ පයිලට් මෝඩ් (Auto Pilot Mode)


මේක තාම පරීක්ශන මට්ටමේ තියෙන්නෙ.මේක වැඩකරන්නෙ ඉස්සරහයි පස්සෙයි තියන කැමරා දෙකකිනුයි,ඉස්සරහයි පස්සෙයි බෆර් වල තියන අල්ට්‍රාසොනික් ලොකේශන් සෙන්සර් දෙකකිනුයි.සෙන්සර් දෙකෙන් කාර් එක වටේ.ඒ කියන්නෙ අන්ශක 360ක කවර් එකක් දෙනව .මේකෙ විශේශත්වෙ තමයි ලේන් මාර්කින් ,වටේ තියන බාදක විතරක් නෙවෙයි පාරෙ තියන වේග සීමා බෝඩ් ,වෝනින් බෝඩ් පවා කියවල අදුරගන්න එක.අපි පාරක කෲස් කන්ට්‍රෝල් 80ට හදල දිවුවොත් වේග සීමා බෝඩ් එකක් දැකපුගමන් ඉබේම ඒ ගානට වේගෙ හදාගන්නව ඩ්‍රයිවර් මොකුත්ම නොකර.ඒ වගේම බාදක ආවම ඕවටේක් කරගෙන යන්නත් මේ සිස්ටම් එකට පුලුවන්.




මේ කාර් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් අවම වයි ෆයි තියන තැනකට ගියපු ගමන් ඔටෝම අප්ඩේට් කරගන්නව.2014 ඔක්තෝබර් වලින් පස්සෙ ඔටෝ පාකින්,සෙමි ඔටෝ ඩ්‍රයිවින් අප්ඩේට් එක කාර් වලට ඇවිත් තිබුනත් මගීන්ගේ ආරක්ශාව තකා ඒක නවත්තල තියනව.අවාසනාවට ඇමරිකාවෙ පවා තාමත් ඔටෝමැටික් පාරෙ දුවන්න තහනම්,සමහ ප්‍රාන්ත වල ටෙස්ට් කරන්න පවා බැරිලු.පදිකයන්ගේ ආරක්ශාව නිසා.නීති තාමත් හැදිල නෑ කියල තමා කියන්නෙ.කොහොම උනත් 2015 අග බාගෙ වෙනකොට ඔටෝ පයිලට් අප්ඩේට් එක හැම කාර් එකටම දෙන්න ටෙස්ලා බලාපොරොත්තු වෙනව.කොම්පැනියෙ නිර්මාතෘ කියල තියෙන්නෙ මේ කාර් එකට රෝද උඩ දුවන කොම්පියුටරේ කියල.

සියලුම තොරතුරු,චායාරූප,වීඩියෝ අන්තර්ජාලය ඇසුරෙන් සොයාගන්නා ලදී.

source - Wikipedia , Tesla Motors 

11 comments:

  1. පට්ට නේ බන්....ටෙස්ල බැටරි ඩිසයින් එක ටොප් සීක්‍රට්..... ඔය උඔ පෝස්ට් එකේ දාල තියෙන බැටරි පැක් එකේ ෆොටෝ එක මම දැක්කෙ මුල්ම වතාවට....

    දිගටම ලියන්න...ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔවු මචන්.උන් 2012න් පස්සෙ පැනසොනික් බැටරි සෙල්ස් යූස් කරන්නෙ.සම්පූර්න ලිතියම් අයන්.p85d එකේ බැටරි එකේ සෙල්ස් 7100ක් විතර තියනව.අවුරුදු 8ක් ගැරන්ට් කරනව.මම එන ටෙස්ල ප්‍රොඩක්ට්ස් හැම එකකටම රිවීව් කරනව ඉස්සරහට.ජයවේවා.

      Delete
  2. 18650 ලිතියම් සෙල් නේද...... මගෙත් අයිඩියා එකක් තියෙනව අයිනකට දාල තියෙන ඉලෙක්ට්‍රික් බයික් එකේ ලෙඩ් බැටරි පැක් එක ලිතියම් සෙල් ටිකකින් රීප්ලේස් කරගන්න..... මුන්ගෙ 3rd gen low price car එක අඩුගානකට ආවොත් නං පට්ට..... දිගටම ටෙස්ල ප්‍රොජක්ට් වල ටෙක්නොලොජි ගැන ලියන්න..... කාර් එකට පාවිච්චි කරපු ඉන්ඩක්ෂන් මෝටර් එකට කරපු වෙනස්කම් ගැනත් ලියන්න පුලුවං නං පට්ට..... මෙයාලා වැඩිදියුණු කරපු ඉන්ඩක්ෂන් මෝටර් එක permanent magnet brushless motor එකක ගානටම එෆිෂන්සි තියෙනව......

    ReplyDelete
    Replies
    1. ඔවු මචන්.ඒ බැටරි එක LED ෆ්ලෑශ්ලයිට් වලටත් එනව.ඊ බේ එකෙන් ගන්න පුලුවන් ලාබෙට.ඒත් ඒව පැරලල් පාස්සගන්න මෙතඩ් එක සීක්‍රට්.අනිත් එක හීට් එක නවත්තගන්න එක මචන්.ට්‍රයි කරල බලපන් වෙනසක් කරන්න පුලුවන් ෆීල්ඩ් එකක්.ඉන්වර්ටර් එක නම් නෝමල් එත් මුන්ගෙ මොටර් එක ටොප් සික්‍රට් බන්.කොහෙවත් විස්තර නෑ.

      බජට්වෙහිකල් එකක් එනව කියනව 2016 අග එනකොට model 3 කියල.

      Delete
    2. ඔවු බන්....ලෝ වෝල්ටේජ් කටොෆ් හදන්න වෙනව....වෙන්ටිලේෂන් හදන්න වෙනව....හැබැයි එකක් හදාගත්තොත් නං පට්ට.... ඉලෙක්ට්‍රික් බයික් වලට මේ සෙල් වලින් පැක් එකක් හදාගන්න හැටි නං තියෙනව...ඒ ඩිසයින් එක ටිකක් මොඩිෆයි කරගත්ත නං හරි.....

      https://www.youtube.com/watch?v=DJaToOJcZ_o

      https://www.youtube.com/watch?v=fxkgCofkFI0

      Delete
    3. අපේ රටේ ඔය වගේ දේකට ඉන්වෙස්ට් කරන්න එකෙක් නෑ බන්.නැත්නම් මම දැක්ක ලගදි මොරටුව කැම්පස් එකේ කොල්ලො පුශ් සයිකල් එකකට ඉලෙක්ට්‍රික් මෝටරයක් හයිකරල දුවනව.ලන්කාවට හොදටම මැච් වෙන වැඩ ඒව.උදවු කරන්න කවිරුවත් නෑ.

      Delete
    4. තනියම වියදං කරල පොඩි පැක් එකක හදාගන්න බැලුවෙ......ට්‍රයි කරල බලනව බන්.....

      Delete
    5. නියමයි බන් ට්‍රයි කරපන්.හැදුවොත් කියපන් අපිටත් .ජයවේවා.

      Delete
  3. https://www.youtube.com/watch?v=9mzV7Y9B0tk

    යාලුවා මේක බලන්න... මෙයාල ඩ්‍රයිව් යුනිට් එක හදන හැටි තියෙනව.... කලින් නොදැකපු විස්තරයක් මේ වීඩියෝවෙ තියෙනව....

    ReplyDelete
    Replies
    1. නියමයි මචන්.ජයවේවා.මම මේක ඇඩ් කරන්නම් බ්ලොග් එකට.

      Delete