Tuesday, May 26, 2015

Tesla Motors - 2

ටෙස්ලා මෝටර්ස්. - 2


ටෙස්ලා සමාගම වර්තමානයේ ලෝකයේ ප්‍රමුකතම  විදුලි මෝටර් රථ නිපදවන සමාගමකි.සමාගමේ ආරම්බය සහ මුලික තොරතුරු මා විසින් ටෙස්ලා මෝටර්ස් 1 ලිපියෙන් බෙදාගන්නා ලදී.මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නෙ.
දැනට ටෙස්ලා හි ජනප්‍රියම නිශ්පාදනය වන  MODEL S රථය පිලිබදව කතා කිරීමයි.




MODEL S රථය දොර 5 ප්ලග් ඉන් ඉලෙක්ට්‍රික් සුඛෝපභෝගි සෙඩෑන් රථයකි.2009 වසරේදී මුලාකෘති ( prototype) රතයක් වශයෙන් ඉදිරිපත් කරන ලද මෙය 2012 වසරේදී වානිජමය වශයෙන් නිශ්පාදනය කරන ලදී.




රථවාහන ආරක්ශිත ශ්‍රේනිගතකිරීම් වල විශිශ්ට 5.0 (perfect) අගය මම රථය හිමිකරගෙන තිබෙනවා.එක්සත් ජනපද පරිසර ආරක්ශන ඒජන්සිය මෙම රථය සමීක්ශනය කර  විදුලි පරිභෝජන අගය හා පරිසර හිතකාමී වානිජ රථ අතර ඉහලම ස්ථානය
ලබාදී තිබෙනව.

පබ්ලික් චාජින් පොයින්ට් 


සුපර්චාජර් ස්ටේශන්


මෙම රථය 85  kWh බැටරියකින් බල ගැන්වෙන අතර කිලෝමීටර 426ක් (සැතපුම් 265) එක් ආරෝපනයකින් ධාවනය කල හැකිය.විදුලි  පරිභෝජනය ඉන්දන කාර්‍යක්ශමතාවය හා සසදා බලන කල මෙම රථය විදුලිය 38kWh/100miles = 89 miles per gallon.
එනම් 2.64 L /100km.ආසන්න වශයෙන් ලීටරයට කිලෝමීටර් 37ක් ධාවනය කල හැකිය.


2015 මාර්තුමාසය වනවිට ලොවපුරා රථ 66800ක් අලෙවි කර ඇති අතර 2013 වසරේදී වැඩිම සම්මාන ගනනක් හිමිකරගත් රථයක් ද වුනා.

වර්තමානයේ අලෙවිය සදහා මාදිලි  ප්‍රභේද 4ක් තිබෙනවා.බැටරි දාරිතාව,කාර්‍යක්ශමතාව හා  All wheel drive, Rear wheel drive ආකාරයෙන් මාදිලි බෙදා වෙන්වී තිබෙනවා.
මෙහි ප්‍රබලතම මාදිලිය වන P85D AWD මාදිලිය තත්පර 3.1කින් පැයට 100 km වේගයක් ලබාගතහැකිය.


මෙහි බැටරිය ගැන කතා කරන විට ප්‍රබලතම මාදිලියට යොදාගෙන තිබෙන්නෙ 85 kW බැටරියකි.රාත්තල් 1200ක් බර බැටරි පැක් එක රථයේ චැසි තට්ටුවට සම්බන්ද කර සවි කර ඇත.එම නිසා රථයේ  බර පහලින් පිහිටා ඇත.එම නිසා ගුරුත්ව කේන්ද්‍රය 
පහලින් පිහිටා ඇති අතර රථය පාලනය ඉතා පහසු වී ඇත.


85 kW බැටරිය වසර 8ක වගකීමක් හෝ  සීමාරහිත සැතපුම් ප්‍රමානයකට වගකියනු ලැබේ .
බැටරිය නැවත යෙදීමේ පිරිවැය 12000$ ලෙස සදහන් වේ.

අභ්‍යන්තර නිමවුම ගතහොත් මෙම කාරය සීට් 7කින් සමන්විත එකකි.පසුපස ඩිකියට යාබදව ෆෝල්ඩබල් ලෙස සකසා ඇති අමතර සීට් දෙකේ පොඩි ලමයෙකුට හැර වැඩිහිටියෙකුට යා නොහැකිය.5 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැක.ඉන්ජින් කම්පාට්මන්ට් එකේද
බඩු පැටවිය හැක.

ඩෑශ් බෝඩය හා ඩ්ඩ්‍රයිව් කැබින් එක ගත් කල ආකර්ශනීයව නිමවා ඇත.මෙම රථය ස්විච් වලින් තොර ඩෑශ් බෝඩ්යක් ලෙස නිමවා ඇත.( virtually button-less). ස්ටියරින් වීලයේ ඇති හැසිරවීම් බොත්තම් සහ දොරේ මිරර් කොන්ට්‍රෝල් 
වලට අමතරව සුවිච නැතිතරම් ය.

ධාවන තොරතුරු පෙන්වීම සදහා  LCD ඩිස්ප්ලේ එකක් මීටර් ලෙස යොදාගෙන ඇති අතර අනෙකුත් සියලුම පාලන කටයුතු සිදු කරන්නේ අගල් 17 ක් විශාලැති ස්පර්ශ සන්වේදී තිරයෙනි. නැවිගේශන් ගූගල් මැප් හා  Garmin වලිනි.









මිල ගනන් ගත්කල ඉහල කාර්‍යක්ශම P85D රථය ඩොලර් 105000ක් (රුපියල් එක්කෝටි හතලිස් ලක්ශයකට ආසන්න.) වශයෙන් මිල කර ඇත.

බදට සමව නිමවූ දොර හැඩල්.(ලගට එනකොට එලියට පැමිනේ.)



ලයිට් එක යට නිමවාඇති චාජින් පෝට් එක 



මේ යතුරලු.




ඉන්සේන් මෝඩ් එක. (Insane mode)


මෙම රථයේ විශේශ ධාවන සැකසුමක් තියනව.සාමාන්‍ය මෝටර් රථයක නෝමල් සහ ස්පෝට් වශයෙන් තිබුනත් මෙම රථයේ තියෙන්නෙ ස්පෝට් සහ ඉන්සේන් මෝඩ් කියල.


මේ මෝඩ් එකේදි තත්පර 3.1කින් පැයට කිලෝමීටර් 100 (60 සැතපුම්) ක වේගයක් ලබාගන්න පුලුවන්.හරියට මිල අධික ස්පෝට්ස් මෝටර් රථයක් වගේ.




ඔටෝ පයිලට් මෝඩ් (Auto Pilot Mode)


මේක තාම පරීක්ශන මට්ටමේ තියෙන්නෙ.මේක වැඩකරන්නෙ ඉස්සරහයි පස්සෙයි තියන කැමරා දෙකකිනුයි,ඉස්සරහයි පස්සෙයි බෆර් වල තියන අල්ට්‍රාසොනික් ලොකේශන් සෙන්සර් දෙකකිනුයි.සෙන්සර් දෙකෙන් කාර් එක වටේ.ඒ කියන්නෙ අන්ශක 360ක කවර් එකක් දෙනව .මේකෙ විශේශත්වෙ තමයි ලේන් මාර්කින් ,වටේ තියන බාදක විතරක් නෙවෙයි පාරෙ තියන වේග සීමා බෝඩ් ,වෝනින් බෝඩ් පවා කියවල අදුරගන්න එක.අපි පාරක කෲස් කන්ට්‍රෝල් 80ට හදල දිවුවොත් වේග සීමා බෝඩ් එකක් දැකපුගමන් ඉබේම ඒ ගානට වේගෙ හදාගන්නව ඩ්‍රයිවර් මොකුත්ම නොකර.ඒ වගේම බාදක ආවම ඕවටේක් කරගෙන යන්නත් මේ සිස්ටම් එකට පුලුවන්.




මේ කාර් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් අවම වයි ෆයි තියන තැනකට ගියපු ගමන් ඔටෝම අප්ඩේට් කරගන්නව.2014 ඔක්තෝබර් වලින් පස්සෙ ඔටෝ පාකින්,සෙමි ඔටෝ ඩ්‍රයිවින් අප්ඩේට් එක කාර් වලට ඇවිත් තිබුනත් මගීන්ගේ ආරක්ශාව තකා ඒක නවත්තල තියනව.අවාසනාවට ඇමරිකාවෙ පවා තාමත් ඔටෝමැටික් පාරෙ දුවන්න තහනම්,සමහ ප්‍රාන්ත වල ටෙස්ට් කරන්න පවා බැරිලු.පදිකයන්ගේ ආරක්ශාව නිසා.නීති තාමත් හැදිල නෑ කියල තමා කියන්නෙ.කොහොම උනත් 2015 අග බාගෙ වෙනකොට ඔටෝ පයිලට් අප්ඩේට් එක හැම කාර් එකටම දෙන්න ටෙස්ලා බලාපොරොත්තු වෙනව.කොම්පැනියෙ නිර්මාතෘ කියල තියෙන්නෙ මේ කාර් එකට රෝද උඩ දුවන කොම්පියුටරේ කියල.

සියලුම තොරතුරු,චායාරූප,වීඩියෝ අන්තර්ජාලය ඇසුරෙන් සොයාගන්නා ලදී.

source - Wikipedia , Tesla Motors 

Sunday, May 24, 2015

Tesla Motors - 1


ටෙස්ලා මෝටර්ස් - 1




ටෙස්ලා සමාගම 2003 වසරේදී ආරම්බ වුන විදුලි මෝටර් රථ, විදුලි මෝටර් රථ අමතර කොටස් සහ වාණිජ මට්ටමේ බැටරි නිෂ්පාදනය කරන පොදු සමාගමකි. ටෙස්ලා මවු සමාගම කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නගරයේ පිහිටා ඇත.


2006 වසරේදී පළමු විදුලි මෝටර් රථය නිපදවමින් කරලියට පැමිණි ටෙස්ලා සමගම වර්තමානයේ ලෝකයේ ඉහල ක්‍රියාකාරීත්වයෙන් යුත් රථ මාදිලි ගණනාවක් නිපදවමින් පෙරමුණේ සිටි.




ටෙස්ලා සමගම ආයතන නාමය වශයෙන් යොදාගෙන ඇත්තේ කීර්තිමත් විදුලි ඉංජිනේරුවෙකු වු නිකොලා ටෙස්ලා ගේ නමයි.ටෙස්ලා සමාගමේ පළමු මෝටර් රථය වුනේ ටෙස්ලා රෝඩ්ස්ටර් (ROADSTER) රථයයි .



2006 වසරේදී ප්‍රකාශ අනතුරුව 2008 දී වෙළදපොලට ඉදිරිපත් කරන ලද රෝඩ්ස්ටර් රථය ඇමරිකාවේ හදුන්වාදුන් මිල $109000කි (රුපියල් 14,535,695.00).තත්පර 3.7-3.9 අතර කාලයකින් පැයට කිලෝමීටර් 100 වේගයක් ලබාගත හැකි ප්‍රබල රථයක් වූ මෙය 2011 නිපදවීම් අවසන් කරන ලද්දේ ටෙස්ලා නව මාදිලිය එලි දැක්වීමටයි.

රෝඩ්ස්ටර් රථය ලිතියම්  අයන බැටරි සෛල 6831 කින් සමන්විත  වන අතර කිලෝ වොට් පැය 53 ක් බලයක් ගබඩා කරගනී.ඉන්වර්ටරයක් මගින් 70 ඇම්ප් 240 වෝල්ට් විදුලියක් සපයයි .ටෙස්ලා රෝඩ්ස්ටර් රථය වරක් ආරෝපණය කිරීමෙන් 393km ක් (සැතපුම් 244ක්) ධාවනය කල හැකිය.අදිබලැති අරෝපකයකින් පැය 3 1/2කින් සම්පුර්ණ ආරෝපණය කල හැකිය .


අධිබලැති ආරෝපන මධ්‍යස්තානයක් (supercharger point)




2011 දෙසැම්බර් රෝඩ්ස්ටර් රථය නිෂ්පාදනය නවත්වන විට ලොවපුරා රථ 2600ක් අලෙවි කර ඇත.model S මාදිලිය ඇතුළුව වර්තමානය වනවිට රථ 70000ක් අලෙවි කර ඇත .

වර්තමානයේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන අලෙවියට ඇති රථය වන්නේ ටෙස්ලා model  S රථයයි.ටෙස්ලා නවතම model X රථය 2015 - 3 වන කාර්තුවේදී අලෙවිය සදහා නිකුත් කිරීමට නියමිතයි.2016 දී model 3 නමින් නව මාදිලියක් ද එලි දැක්වීමට ඔවුන් බලාපොරොත්තු වේ. 

Model S


. 

Model X




දත්ත අනුව වර්තමානයේ ලොව ප්‍රමුකම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්ව ඇත්තේ ටෙස්ලා සමාගමයි

ටෙස්ලා Model S රථයේ තොරතුරු සමග නැවත හමුවෙමු.


සියලු චායාරූප,වීඩියෝ,තොරතුරු අන්තර්ජාලයෙන් සොයාගන්නා ලදී

Saturday, May 23, 2015

Scrambler Bikes

ස්ක්‍රැම්බලර් මෝටර් බයිසිකල් 




මේ ත්‍රෙඩ් එක ලියන්න හේතු උනේ මේ බයික් මාදිලිය (ස්ක්‍රැම්බල් මාදිලිය )මම් ඉතාම ආස කරන එකක් සහ ගොඩක් තරුනයො ආස නිසා.ස්ක්‍රැම්බල් මාදිලිය අතීතය එන්ගලන්තය 1920 ගනන් වල අග බාගයෙන් ආරම්බ වෙනව.ලකුනු කරන ලද ස්ථාන දෙකක් අතර පවත්වන තරගයක් කෙටිම කාලයකින් ජයගැනීම තමයි තරගකරුවන්ට පැවරුනේ.ඒ මාර්ගය ඉතා දුශ්කර මාර්ගයක් උනා .මඩ වලවල් ,පදුරු,කදු ,වැලි මගවල් වගේ දුශ්කරතා ජයගැනීමයි අබියෝගය.



ඔවුන්කලේ ඔවුන්ගේම සාමාන්‍ය මෝටර් බයිසිකල් අවශය පරිදි මොඩිෆයි කරගන්න එක.ඒකාලෙ මේ මාදිලියෙ බයික් නිශ්පාදනය උනේ නෑ.හැඩලය ,රෝද,සයිලන්සරය වෙනස් කිරීමෙන් සාමාන්‍ය බයික් එකක් ඔවුන් පරිවර්තනය කරා.

Honda CL50 - 1973

අනතුරුව මේ තරග සංවෘත පරිපථ ගමන් (closed circuit trials riding), Motocross සහ කැලිෆෝනියානු කාන්තාර දාවන තරග ලෙස ඉදිරියට ගියා.

ඒ 1960 ගනන්වල.අනතුරුව මේ වර්ගයේ බයික් වානිජ ලෙස නිශ්පදනය කරන්න පටන්ගත්ත.


Triumph scrambler

මේ බයික් වල විශේශ ලක්ශන කීපයක් මම කියන්නම්.

  • ඉහලට වෙන්න සකස් කරපු සයිලන්සර්.
  • කෙටි කුශන් කරපු සීට්.
  • ඉහල ව්‍යවර්ත අගය.(ටෝර්ක් එක )
  • සරල නිමාව.
  • සැහැල්ලු උපාන්ග සහ කුඩා ඉන්දන ටැන්කිය .
  • සරල තොරතුරු මීටරය සහ තනි ලයිට් එක.
  • ස්පෝක් සහිත රෝද සහ විශාල ඕෆ් රෝඩ් ටයර්.
tyre models suitable for scrambler


මේ බයික් එක නිශ්පාදනයේදි මූලික කරුනු කීපයක් බැලුව.අනවශය උපාන්ග යින් කරල අවශයම  උපාන්ග වලින් බයික් එකට සරල පෙනුම ලබාදුන්න .මේ බයික් වල කැෆේ රේසර් මාදිලි පෙනුම තිබුනත් පටලවගන්න එපා.මේ කැෆේ රේසර් නෙවෙයි.මම හිතනව ට්‍රේල් බයික් (motorcross) සහ කැෆේ අතරමැද පෙනුමක් තියෙන්නෙ.ට්‍රේල් බයික් වල ආරම්බයත් මේකෙන් වුනා වෙන්න පුලුවන්.හරියටම දන්නෙ නෑ.


වර්තමානයේ ස්ක්‍රැම්බල් මාදිලියේ බයික් සමගම් ගොඩකින් නිශ්පාදනය කරනව.
ඩුකාටි ,ට්‍රයම්ප් ,හාලි ඩේවිඩ්සන් ,යමහා ,හොන්ඩා ,බී එම් ඩබ්ලිව් ,moto guzzi සහ තවත් අහලවත් නැති සමාගම් තියනව.මේ තියෙන්නෙ වර්ගවලින් කීපයක්.

DUCATI Scramble. 2015


Ducati Scrambler


Triumph Scramble

Triumph Scramble

Suzuki ST400


Suzuki ST400

එකී නොකී ගොඩක් තියනව.මෙතනිනුත් මම ආසම එක ඩුකාටි ස්ක්‍රැම්බල් එකට.

ඇමරිකන් (USA’s Berliner Motor Corporation)  ඕඩර් එකට ඉතාලියෙ ඩුකාටි සමාගම 1962 තමයි මුලින්ම හදල තියෙන්නෙ.වර්තමානෙ බ්‍රසීලයේ තායිලන්තයේ හා ඉතාලි ඩුකාටි කර්මාන්තශාලා වල නිශ්පාදනය වෙනව..පවර්ෆුල් ඩුවල් පර්පස් බයික් එකක් විදියට තමයි අලුත් වර්ශන් එක එන්නෙ.මේකට 800 CC එන්ජිමක් තමයි තියෙන්නෙ.

අවාසනාවට මේ බයික් එකේ ගාන පටන්ගන්නෙ ඩොලර් (පනිනව ) 8500/-  (ලක්ශ 11ක්) ඉදන්.අපිට මොන ස්ක්‍රැම්බ්ලර් ද.











Ducati Scrambler - Test ride


සියලු චායාරූප,වීඩියෝ,තොරතුරු අන්තර්ජාලයෙන් සොයාගන්නා ලදී.

සෝර්ස් - wikipedia , cycleworld ,youtube