පිස්සු හැදෙන ඔරලෝසු.
Patek Philippe
ඉස්සෙල්ලම කියන්න ඕන ඔරලෝසු පිලිබද විද්‍යාවට කියන්නෙ Horology කියල.ඒකත් මේ පෝස්ට් එක නිසා තමයි ඉගෙන ගත්තෙ.මේක ලියන්න හිතුනෙ මම යූ ටියුබ් එකේ දැකපු වීඩියෝ එකක් නිසා.ඔන්න එහෙනම් වීඩියෝ එක ගියපු දුර.
ඉස්සෙල්ල මේක හදපු සමාගම. ගැන කියල ඉන්නම්.නම Patek Philippe & Co.ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර තමයි ෆැක්ටරිය තියෙන්නෙ.1852 ආරම්භ වුන මේ සමාගම මිල අධික සුපිරි පැලැන්තියේ අත් ඔරලෝසු නිපදවන සමාගමක්.එසේ මෙසේ කොම්පැනියක් නෙවෙයි.රාජකීය පවුල් වලටත් ඔරලෝසු නිපදවන සමාගමක්.
මට මේ ඔරලෝසුව හදන වීඩියෝ එක දැක්කම වීඩියෝ එක විතරක් නොදා පොඩ්ඩක් විස්තර හොයලම දාන්න ඕන කියල හිතුන දැක්කම මේ මිනිස්සු කොයිතරම් කට්ටක් කනවද කියල ඔටෝමැටික් වොච් එකක් අතින් හදන්න.බැදගෙන යන්න අමාරු නෑනෙ.මැශින් වලින් හදන කොම්පැනි තියනව..ඒත් හෑන්ඩ්මේඩ් නෙ ගනන් වැඩි.මේ තියෙන්නෙ ඒක.
නම තමයි
PATEK PHILIPPE Grandmaster Chime ref. 5175
මිකැනිකල් වොච් එකක සාමාන්‍ය වෙලාව පෙන්නන පහසුකමට අමතර තියන අනෙකුත් ඕනෑම පහසුකමක් හදුන්වන්නෙ වොච් එකේ complication එකක් කියල.ඒ කියන්නෙ සාමාන්‍ය ඩේට් එක පෙන්නන එකත් complication එකක්.මම මේ කියන්නෙ මිකැනිකල් වොච්.ඩිජිටල් නෙවෙයි. සාමාන්‍ය ඩේට් එක විතරක් තියන වොච් එකක පාට්ස් 250ක් විතර තියෙන්න පුලුවන් කියනව ඒ ඔප්ශන් එක ගන්න.ඒත් මම කියන මේ වොච් එකේ කම්ප්ලිකේශන් 20ක් තියනව.මූවින් පාට්ස් 1366ක් තියනව
මුන් මේකෙ මුමන්ට් වලට විතරක් පේටන්ට් 6ක් අරන් තියනව.හිතාගන්න පුලුවන් නේද වොච් එකේ සන්කීර්නකම.එකිනෙකට වෙනස් දැක්වීම් 20ක් තියනව වෙලාව හැර.ඒ කියන්නෙ කේසින් එක ඇතුලෙ දැක්වීම් 20ටම ඕන පාර්ට්ස් කැරකෙනව.
මේ ඔරලෝසුව හදල තියෙන්නෙ මේ සමාගමේ 175 වැනි සන්වත්සරේට.අවුරුදු 8ක් ගිහින් තියනව මේ වොච් එකේ මැශින් එක ඩිවලොප් කරන්න.මේකෙ කේසින් එක කැරට් 18 රෝස් ගෝල්ඩ් වලින් හදල තියෙන්නෙ.හිස් කිසිම තැනක් නෑ.හැමතැනම කැටයම් වලින් අලංකාර කරල තියෙන්නෙ.කේසින් එක ඩිවලොප් කරන්න විතරක් අවුරුදු 4ක් ගිහින්.අනිවාර්යෙන් මේ වීඩියෝව බලන්න.
මම මේකෙ කම්ප්ලිකේශන් ටික දාන්නම්.මටත් ගොඩක් ඒව තේරෙන්නෙ නෑ.
- Grande Sonnerie
- Petite Sonnerie
- Minute repeater
- Strikework mode display (Silence/Grand Sonnerie/Petite Sonnerie)
- Alarm with time strike
- Date repeater
- Movement power-reserve indicator
- Strikework power-reserve indicator
- Strikework isolator display
- Second time zone
- Second time zone day/night indicator
- Instantaneous perpetual calendar
- Day-of-week display
- Month display
- Date display (on both dials)
- Leap year cycle
- Four-digit year display
- 24-hour and minute subdial
- Moon phase
- Crown position indicator
අනිත් දේ තමයි මේ ඔරලෝසුව ලිමිටඩ් එඩිශන් එකක්.ලෝකෙටම 7යි හදල තියෙන්නෙ.එයින් එකක් ඒගොල්ලොන්ගෙම
කෞතුකාගාරයේ තැන්පත් කරල තියනවලු.අනිත් 6 තමා විකුනන්න දාල හියෙන්නෙ.මිල ගනන් ගැන සදහන් කලොත් නිකුත් කරන අවස්තාවේ (2009) ස්විස් ෆ්රෑන්ක් මිලියන 2.6 ක් තමයි මිල නියම වෙලා තියෙන්නෙ.ලන්කාවෙ මුදලින් රුපියල් කෝටි 37කට ආසන්න මුදලක්.
මේ සමාගමේ නිශ්පාදන ගැන කතා කරොත් ලෝකයේ මිල අධිකම ඔරලෝසු නිපදවන සමාගමක් කියල මම කලින් කිවුව.ලෝකයේ වෙන්දේසියක වැඩිම මිලකට අලෙවි වුන ඔරලෝසුව (2014 වසරේදී) මේ සමාගම නිශ්පාදනය කරපු එකක් පොකට් වොච් එකක්.ඒක ඇමරිකානු බැන්කුකරුවකු වූ
Henry Graves වෙනුවෙන් 1932දී නිශ්පාදනය කරපු එකක්.මේ තියෙන්නෙ ඒක.
Henry Graves වෙනුවෙන් 1932දී නිශ්පාදනය කරපු එකක්.මේ තියෙන්නෙ ඒක.
අලෙවි වෙලා තියෙන්නෙ ස්විස්ෆ්රෑන්ක් මිලියන 20.6 කට.කටාර් රාජකීය පවුලෙ ශෙයික් කෙනෙක් අරන් තියෙන්නෙ.
ලෝකෙ වැඩිම කම්ලිකේශන් ගානක් තියන පොකට් වොච් එක හදල තියෙන්නෙත් මේගොල්ලොමයි.ඒක හදල තියෙන්නෙ මේගොල්ලොන්ගෙ 150 වෙනි සන්වත්සරේට.1989දී.මේකෙ නම calibre 89.කම්ප්ලිකේශන් 39ක් තියනව.මේ තියෙන්නෙ ඒක.
අන්තිමටම ලෝකෙ තියන කම්ලිකේටඩ් ම අත් ඔරලෝසුව ගැනත් පොඩි සටහනක් තියන්නම්.ඒක මේගොල්ලො හදපු එකක් නෙවෙයි.ඒත් මේක ගැනත් ලියලම යන්නම්..කොම්ප්ලිකේශන් 36ක් තියනවලු.විසිබල් 25ක් තියනවලු.වැඩි විස්තර හෙවුවෙ නෑ.දැනගනීමට විතරක් දාන්නම්.